Thursday, November 9, 2017

“හඳ පලුව තනි තරුව“ - නිශ්ශංක විජේමාන්න


මෙය හරිම අපූරුම කතා වස්තුවකි.  විටෙක ආදර කතාවක් මතුවී දිදුලමින් විත් ඉතිහාසයට අඟුල්පත් සොයන අයුරකි.  තව විටෙක තව පිටුවකදී  සංනිවේදනය තුලින් ගලාගෙන ගොස් ඉඩ හසර ලද සැනකින් මහා පව්වකට ගොඩ වෙන අයුරකි.  තවත් පිටුවකදී ජාති ආගම් කුල මල සියල්ල පසෙකට විසිවී ආදරය දිදුලන සෙයකි.  තව වරෙක දරිද්‍රතාවය කෙලවර සතුට සොයන සන්තානයන් එකට එක්කරන කවියකි.

මේ සියල්ල පසෙක ලා තනි තරුව තමන්ගෙම ස්ව උත්සාහයෙන් දිදුලමින් අනපේක්ෂිතව පරීක්ෂකයෙකුව තමාම සොය සොය ගමන් කරන දිවි කතර තුලදී මුණ ගැසෙන සඳ පලුව හද පලුව විවර කොට විමර්ෂනාත්මක බැල්මෙන් බුද්ධියට ඉඩ හසර විවර කර සෙයා යන ලෝකයේ සුන්දර සනිටුහන් එක් රැස් කල මංජුසාවකි.

අවසන සුන්දර කතා වස්තුව මියැදුන ඉතිහාස මානයන්  දෝතින් බදාගෙන නෙතු  හමුවන විරාමයකි. 

ජාති ආගම් කිසිත්
නොදුටු මානෙක නතුවසමබරවු දහරාව
ගලා සිතුවිලි  සැඟවආදරය නොහැඳිනුවහදක ආදරෙ සතුවතනි තරුව  ඔබ සෙවුවහඳ පලුව ඔබ සතුව

No comments:

Post a Comment