Friday, November 3, 2017

අත්තම්ම

ඉඳිකටු පැංචා නූලක් අරගෙන
හති දාගෙන හැංගිලා එබෙනවා
හිනැහී රෙදි අමුනලා මහනවා
අත්තම්මගෙ සිත හිනා පිරෙනවා
හරි හැඩකාරයි මේ මැහුමේ හැඩයත්
කාගෙද මේ පොඩි ගවුම අගේ
පාලුව මැකෙන්න ලඟට ඇවිත්
සිංදු කියන්නද මැසිමේ සද්දෙට
ලස්සන ගවුමක් මහල දෙනවද
රැලි අල්ලලා පටි දාල සොඳින්
මං ඇවිල්ල ඉන්නම් ලඟට වෙලා
අත්තම්මගෙ හෙවනැල්ල වෙලා
අම්මා එනකොට දිව්‍ය ලෝකයෙන්
අරගෙන එන ගවුමටත් වඩා
ලස්සන ගවුමක් මහලා දෙනවද
රෝස පාට පොඩි පටි අල්ලා
නිදිමත නැ මට මම ලඟ ඉන්නම්
මගෙ අත්තම්මගෙ තනිය මකා
ඇඳුම් විකුණලා මටත් ගෙනත් දෙන
රස චොකලට් එක මතක් වෙලා
හෙට ලොකු රස්සාවකට ගිහිං මං
ගෙනත් දෙනව රස කෑම සදා
පුංචි මගෙ හිත පුරාම ඉන්නා
අත්තම්මට හරි ආදරෙන් සිතා

No comments:

Post a Comment