Thursday, November 9, 2017

" සඳස , විරිත සහ අරුත "  -  ඇරැව්වල අනුර ගුනතිලක


පාසැල් පුස්තකාල පොතක් ලෙස අනුමත වී ඇති,  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  සංස්කෘත පිළිබඳ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහත්මාගේ පෙරවදනකින් ඔපවත් වි දිදුලන " සඳස විරිත සහ අරුත " වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිවහොත් කවිය කෙරෙහි  මහා දැනුම් සම්භාරයක් කැටිකොට ලියා මිණක් බඳු  පුස්තකයකි.


කවියට ආදරය කරන කවි සිහින දකින  සියල්ලන්නටම මෙම පොත පරිශීලනය කිරීමෙන්  සහ එමගින් ඉදිරිපත් කර ඇති  අභ්‍යාස වල යෙදීමෙන් තම දැනුම පෝෂණය කරගත හැකි වනවා මෙන්ම තමා සතු කවීත්වය තව තවත් ස්ථාපිත කරගත හැකි  වෙයි. 

අදියර 5කට  බෙදා වෙන් කරමින් ඉතා සුගමව පැහැදිලි කිරීම් කර ඇති බැවින්  එම ක්‍රමවේදයන් උකහා ගැනීම පහසුය.   

* පලමු අදියර     -         මාත්‍රා ,ගණ,කාව්‍ය දෝෂ,එළිසමය එළිවැට, අගපෙල සිඳීම, යවහහ් දොස,
                                    පුනරුක්ති දෝෂය, යතිය, මුල්ගුරු දෝෂය , සිදත් සඟරාවේ එකොලොස් මහ දෝෂ

* දෙවන අදියර  -         ඡන්දසට අයත් විරිත් සහ අදාල වෙනත් විරිත්

* තුන්වන අදියර            -         විරිතට සිව්පද ලියන ආකාරය

* හතරවන අදියර  -      එළු සඳස් ලකුණට අනුව ගී විරිත් ලියන ආකාරය

* පස්වන අදියර    -       විරිත් අනුව කාව්‍ය නිර්මාණය කිරීම

නිහතමානී බවින් යුතුව  තම දැනුම බෙදා ගන්නා අනුර ගුනතිලකයානණ් කවිය හදාරන ආධුනිකයනට ගුරුවරයෙක් මෙනි.  ඔහු විසින් නිර්මිත මෙම පුස්ථකයද එසේමය.  දැනුම බෙදාදීම කෙරෙහි ලොබ නොබඳින ඔහු වෙත රොද බඳින කවියෝ කිවිඳියෝ බොහෝය.  අනුර ගුනතිලක මහතානෙණි මෙම පුස්ථකයටද එලෙසම වන්නේය.  කවියට සිතැත්තෝ කවියට පෙම් බඳින අතර කවි සිත කියවන්න මෙම පුස්ථකයද පරිශීලනය කරන්නෝ පෙම් බඳිනු නොඅනුමානය.

තවද, " සඳස, විරිත සහ අරුත "  ග්‍රන්ථය කවිවර ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයක් වන අතර ඒ සඳහා යොදාගෙන ඇති  දැකුම්කළු වර්ණ  සහිත පිටකවරය නිමැවුමට වටිනාකමක් එක් කර ඇත. 

" සඳස, විරිත සහ අරුත " නම්වූ මෙම වටිනා  පුස්තකය උදාරතර සමාජමය මෙහෙවරක් බවත්  තව තවත් මෙවන් කටයුතු  කිරීම සඳහා දිරිය ශක්තිය ලැබේවායි මා ප්‍රාර්ථනා කරන්නෙමි.

No comments:

Post a Comment