Monday, November 6, 2017

හද කවිය

වීදියේ අපුලක් දැනී
සීතලක් ගත සිත වෙලී
පහන් කනුවට  හිස නැමී
ගුලිවුනෙමි කිසිවෙකු නැතී

හිත නලවනා සර සර හඩින්
නෙතු පිබිදුනා රහසින්
පොඩි පා තබා සෙනෙහේ මුවින්
ලංවෙන තුරා....... රැඳෙමුද තුටින්

මව් සෙනෙහසේ තනුවේ නදින්
කුල්මත්වුනත් නැති උණුසුමින්
බාලොලි කියා  නලවන හඬින්
මම මත් වුනා.......කඳුලැලි නෙතින්

රස වෑහෙනා මිහිරැති සරට
පද මුමුනමින් එන්නද සොඳට
කුරවින් ගයන ඒ ගීනදට
තාලෙට ගයා වයමුද  රසට

                                                                                                         සෙනෙහස  පිරී ඇති හද කවිය

No comments:

Post a Comment