Friday, November 3, 2017

ප්‍රබුද්ධ - මහගම සේකර

කියවා අවසන් කලෙමි එක හුස්මට ජීවිතය පිළිබඳ අත්දැකීම් සම්භාරය සරලව හා ගැඹුරුව ධර්මයට අනුකූලවම කාව්‍ය බසින් හසුරා ඇති රසවත් කාව්‍යමය කතාව.
සතුට, සැපත හා දුක ඇති තැන ධර්මයේ රස මතුව ජීවිතය කියාදෙන අපූරුම පද ගෙතුම රස බරය. නැවත නැවතත් පරිශිලනය කිරීමට සිත බල කරන නැණ පියසක් මෙන් ඔබ “ප්‍රබුද්ධ“ මය කාව්‍ය සංග්‍රහය නිතැතින්ම “ප්‍රබුද්ධ“ය.
ප්‍රබුද්ධ කාව්‍ය මට දැනුන හැටි :
ප්‍රබුද්ධය ඔහු
ජිවිතය අත්දැක
සරලව සිතා
ගැඹුරින් විශ්ලේෂණය කර
දහමට ගලපා
රසකර කවියට ගොතා
බුද්ධියෙන් විමසන්නට
ඉඩහැර ඇති
නිතැතින්ම ජිවමාන
අපූරුතම කාව්‍ය සංග්‍රහයකි
ඔබ ප්‍රබ්‍රද්ධ

2 comments: